කැමරාව : Sony HX 100V
කොළඹට ආසන්නව තියෙන ලස්සන තැන් මොනවද කියල, ලක් දසුන් වෙබ් අඩවියෙන් හොයනකොට හමුවුන තවත් එක තැනක් තමයි "කොඩිගහ කන්ද රක්ෂිතය". කොළඹ හොරණ පාරේ කෝරල ඉම හන්දියෙන් හැරිලා තමයි කොඩිගහ කන්ද රක්ෂිතය බලන්න යන්න තියෙන්නේ. ශ්‍රී ලංකා සිතියම පිළියෙළ කිරීමට යොදාගත් ත්‍රිකෝණමිතික ලක්ෂ මතකද? සාමාන්‍ය පෙළ කරද්දී අපිට තිබුන සිතියම් වල පොඩි ත්‍රිකෝණයකින් දක්වල තිබුන හැටි මතක ඇති. ඉතින් මේ කොඩිගහ කන්දත් එක ලක්ෂයක්. කන්ද මුදුනේ කොඩි කණුව හිටවපු අත්තිවාරම තාමත් දැකගන්න පුළුවන්. දැනට මේ රක්ෂිතය ගැන හොයල බලන්නේ "මිහිතල මිතුරෝ" කියන පරිසර සංවිධානය. රක්ෂිතයට ඇතුළු වන ප්‍රධාන මාර්ගය ආරම්භයේදීම ඔයාලට මේ මිහිතල මිතුරන් මුණ ගැහේවි. බොහොම සුහදශීලි පරිසරවෙදීන්ගෙන් ඔබට උණුසුම් තේ කොප්පයකුත් රස විඳින ගමන්ම පරිසරය ගැන කරුණු කාරණා බොහොමයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ පරිසර සංවිධානයට බැඳිලා, මතු පරපුර වෙනුවෙන් පරිසරය රැකගන්න ඔවුන් ගෙනයන මේ සද්කාර්යට දායක වෙන්න ඔයාලටත් පුළුවන්.
සුපුරුදු විදියට මමත්, මගේ හිත මිතුරු කසුනුත් පොල්ගස්ඕවිටෙන් පිටත් වෙනකොට හවස 2.30 විතර වෙලා. ගමනට උපකාරී උන ප්‍රවාහන මාධ්‍යය තමයි බයිසිකලය. බයිසිකලයකින් යනවනම් සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කීපයක්ම තියෙනවා. ඒවා තමයි හදිස්සි ආපදා. හදිස්සියේ බයිසිකලයේ පැච් එකක් ගියොත් ඒක හදාගන්න අඩුමකුඩුම තියෙන ටූල් කිට් එක, පැච් කිට් එක සහ පොම්පය තමා වැදගත්ම දේවල්. කොඩිගහ කන්දට යන පාර එච්චර නරක නැහැ.ඕනිනම් වෙනත් වාහනයකින් උනත් යන්න පුළුවන්. නමුත් බයිසිකලෙන් යනවනම් ඔය සේරම දේවල් අරගෙන තමයි අපිනම් පාරට බහින්නේ.
හවස් වරුවක ඉර බහින වෙලාවට විවිධාකාරයේ කුරුල්ලන් රැසක් දකින්න ලැබෙනවා කියල පරිසර මිතුරන් කිව්වා. ඉතින් කුරුල්ලෝ බලන්න යනවනම් අනිවාර්යයෙන් හවසක යන්න. හැබැයි උදේටත් කුරුල්ලෝ නැතුවම නෙමෙයි. දවසම ගතකරනවානම් මිහිතල මිතුරන්ව දැනුවත් කරන්න.අපිට සහය වෙන්න ඕනිම වෙලාවක ඒ අය සූදානම්. කන්ද උඩ ලොකු ගල් තලාවක් තියෙනවා. මහන්සිය නිවා ගන්න කියාපු තැන. කන්න බොන්න ඕනිනම් මගින් අරගෙන යන්න ඕන. අතරමග කඩවල් තියෙනවා. හැබැයි සම්මත නීතියම මෙහාටත් වලංගුයි. තමන් ගිනියන කිසිම දෙයක් දාල යන්න එපා. ඒ සේරම අරගෙන එන්න. කුණු බැහැර කරන තැන් අතරමග හමුවෙනවා.
අපි ගිය ගමන අතරමග දැකපු දේවල් තමයි මේ පහළින් අමුණලා තියෙන්නේ. මේ පින්තුරනම් කිසිම සංස්කරණයකට ලක් කරන්න උනේ නැහැ.
රක්ෂිතයට ඇතුළු වෙන එක පාරක් තියෙන්නේ පොල් වත්තක් මැදින්.
රක්ෂිතයට ඇතුළු වුනාට පස්සේ හමු උන අමුත්තෙක්
කොඩිගහ කන්ද මුදුනේදී
කොඩිගහ කන්දේ තිබෙන උඩ බංගලාව
මේ උඩ බංගලාව අයිති, ප්‍රදේශයේ හිටපු ප්‍රභූ වරයෙකුගේ පෞද්ගලික ඉඩමක තමයි කොඩිගහ කන්ද රක්ෂිතය පිහිටලා තියෙන්නේ. ඔහු ජිවත් උන වලව්ව, උඩ බංගලාව නමින් තවමත් ප්‍රසිද්ධයි. කාමර විස්සකටත් වඩා තිබෙන මේ වලවුව දැන්නම් ජරා වාස වෙලා තියෙන්නේ.
මේ වලව්ව ඉස්සරහ ලොකු පොකුණක් තියෙනවා. ලස්සනයි. නමුත් දැන් කවුරුවත් නැති නිසා තිබුන ලස්සන නැතිවෙලා. මේ වලවුවට 1940 ගණන් වල ජපානයේ අධිරාජ්‍යයා ඇවිල්ල තියෙනවා. ඔයාලත් මේ වලව්ව බලන්න ගියොත් බිත්තියේ එල්ලලා තියෙන පින්තුර වලින් දකින්න ලැබේවි.
වලව්ව මායිමේ තිබුන අනෝදා ගහකින් ඉදුණු ගෙඩියකුත් කඩාගෙන අපි හවස 5.00 ට විතර එන්න ආවා.
ස්තුතිය : ලක් දසුන්, මිහිතල මිතුරෝ, කසුන් ප්‍රියශාන්ත
This comment has been removed by the author.
ReplyDeleteමේ වගේ තැන් සංරක්ෂණය කලානම් තමා හොඳ.. අලුතෙන් හොටෙල් හදන්න මහන්සි වෙන එකේ මේ බංගලාව හදල ගත්තනම්..
ReplyDeleteම්ම්..අදහස නම් හොඳා තමා.
Delete